මනමාලකම් කරයි හැමදාම
මුවින් නොතෙපුලු වදන්
නෙතින් වැගිරේ පෙර සේම..
මුදු හාදු වැස්සකින් ඔය මුවඟ සතපන්න
දැඟිලි පටලාගෙන කිරි සයුරේ ඇවිදින්න
මතකද තිබුන ආදර හීනයක්
අපි අපිට සතු වන්න..
ඔබේ ඒ පෙම් වදන්
ආදර සිත කළබද්දී
දෛවයේ සරදමකින්
කිමද අප වෙන්වූයේ..
ආදරේ මහා ගොඩක්
හිත ඇතුලේ සඟවාගෙන
ඉතින් ඉමු පෙර සේම
නොහදුනන ලෙස අපි අපිව...