Monday, December 10, 2012

සොඳුරු අනාගතයක සිහින දකිමි මම!

පද එකතුකොට එකට අමුණා
සිතුවා කවි පද පෙළක් සදන්නට
සිතුවිලි තෙරපි දස අත විසිරී
ඔබ සුවඳ දැනුණු හැටි අරුමය
ඔබට ලංවී සිහින දැක්කේ
ඔබේ මනාලිය ලෙස හැඩවෙන්නට
ඔබේ පුතුණුවන් කුසේ හොවාගෙන
සෙනෙහෙබර පතිනියක් වන්නට
ඔබට කැපවූ ඔබට වෙන්වූ
සොඳුරු අතීතයක් තිබ්බා මතකය
ඔබට ලංවී ලොව දැකිය හැකි
අනාගතයක සිහින දකිමි මම!

Monday, December 3, 2012

තවත් එක් කතාවක්...


ලෙන්ගතුකම වැඩි හින්දයි උදේ හවා ඔබ සිහිවන්නේ..
නොදක ඉන්න බැරි හින්දයි නෙතු අද්දර කඳුළු පිරෙන්නේ..
අනන්තයට හිත දිව්වත් ඔබ ළගමයි සිත නවතින්නේ..
උන්මදව ඔබේ නාමය මගේ තොල් ළඟ ඇයි මිමිනෙන්නේ..


වචන කීපයක් කොච්චර ලස්සනට හැගීම් කීපයක්ම එකට එකතු කරලා තියනවද,ගොඩ කාලයකට පස්සේ මේ සිංදුව ඇහෙද්දී මට මතක් උනේ ඔයාව, දන්නෙම නැතුව මගේ ඇස්දෙකට කඳුලුත් පිරුනා..

ඉස්සර අපි මුණගැහුණු බස් නැවතුම්පල පහු කරනකරන හැම වෙලාවකම මගේ ඇස්දෙක හෙව්වේ ඔයාව, දැනන් හිටිය ඔය ඉන්නේ නැ කියලා එත් මං ඔයාව හෙව්වා.. මේ ඇස් ඔයාව කොච්චරනම් හොයල ඇද්ද.. පල්ලියේ මිනිස්සු දහසක් මැද්දේ මං බලන් හිටියේ ඔයාගේ රුව කොතනින් මතු වෙයිද කියලා තාමත් පුරුද්දකට වගේ ඔය හිටිය තැන මං බලනවා එතකොට මට මතක් වෙන්නේ,  " හොරෙන් බලලා ඇස්දෙක රිදෙනවා ඇති නේද? " කියල ඔය අහපු හැට්යි.

දන්නවා වැරදි උනා මගේ අතිනුත් එත් ඒවාට හේතු තිබ්බේ ඔය ගාව කියල හොඳට හිතලා බැලුවොත් ඔයාට තේරෙයි, ඔයාව නැති වෙයි කියන බයට මං කරපු දේවල් වලින් වගේම මගේ හිත හදාගන්න මං කරපු දේවල් වලින්  ඔයාගේ හිත රිදුන කියලා මං දන්නවා , එත් ඔයා ඒ හැමදෙයක්ම නිහඬව දරාගත්තා, මට තේරුනේ මගේ හිත රිදෙන තරම විතරයි, මගේ දේවල් වලින් ඔයාගේ හිත රිදෙන බව මට තේරුනේ නැ.. මට හිතුනේ ඔයාට මං ගැන වගක් වත් නැ කියලයි,මට සමාවෙන්න.



අපිට ගොඩක් දිග සුන්දර අතීතයක් තිබුනේ නැ. එත් ඒ අතීතෙට මං  ගොඩක් අසයි ආදරෙයි.. අපි වෙන්වෙලා හිටිය කලේ වැඩි තමා එත් ඒ  සංක්‍රාන්ති සමය අපිට අපිව තෙරුම්ගන්න උදව් කරා අපේ ආදරය වැඩි වුනා මිසක් අඩු වුනේ නැ, ඔයාට තුරුල්වෙලා ගල්පරයක් උඩ  වාඩි වෙලා ඇත මුහුද දිහා බලන් ඉන්න මගේ තිබුන හීනය අද සැබෑ වෙලා තියෙන්නේ එහින්දයි කියලයි මට හිතෙන්නේ.. තව දවස් කීපයකින් උදා වෙන අපේ මංගල දිනයේදී අපහු හැරිලා බලන්න අපිට කොච්චර ලස්සන අතීතයක් තියනවද නේද? දුක් වින්දා උනත් ඒකාලේ ලස්සනයි අපි අපේ වෙන්න සටන් කළා අපේ හිත් එක්කම මේ  මුළු ලෝකය එක්කම, අපේ ජීවිතයෙන් මං ඉගෙන ගත්තා  අපිට දෙයක් ලැබෙන්නේ එක ලැබෙන්න නියමිත වෙලාවේදී මිසක් අපිට වුවමන වෙලාවේදී නොවන බව.