ප්‍රේමය නිම යයි මතක් නොවී
නෙතගින් නිතරම කඳුලැලි වැටුනේ
ඔබගේ මතකය සිතට නැගී..
තටු ලද කිරිල්ලියක සේ මා
පියඹා නැටුවා අහස්තලේ
ඔබ ඇයි ඇවිදින් මා සිත ගත්තේ
සිරකරනට මා මේ සිරගේ..
නොදරු මා සිත පෙම් කල තරම
නොහැඟේ ඔබ හට කිසිම දිනේ
ආදරෙයි පැවසු මුවින්මයි ඔබ
අද ආදරේ නැති බව පැවසුවේ..
ඔබ නොදනී මා පෙම් කල තරම
එහෙඉන් ඔබ මා බිඳ දැමුවේ
නෙතු බරවී ඇත මුව ගොළු වී ඇත
අහම්බයකටයි මා පෙම් බැන්දේ..