Monday, December 10, 2012

සොඳුරු අනාගතයක සිහින දකිමි මම!

පද එකතුකොට එකට අමුණා
සිතුවා කවි පද පෙළක් සදන්නට
සිතුවිලි තෙරපි දස අත විසිරී
ඔබ සුවඳ දැනුණු හැටි අරුමය
ඔබට ලංවී සිහින දැක්කේ
ඔබේ මනාලිය ලෙස හැඩවෙන්නට
ඔබේ පුතුණුවන් කුසේ හොවාගෙන
සෙනෙහෙබර පතිනියක් වන්නට
ඔබට කැපවූ ඔබට වෙන්වූ
සොඳුරු අතීතයක් තිබ්බා මතකය
ඔබට ලංවී ලොව දැකිය හැකි
අනාගතයක සිහින දකිමි මම!

Monday, December 3, 2012

තවත් එක් කතාවක්...


ලෙන්ගතුකම වැඩි හින්දයි උදේ හවා ඔබ සිහිවන්නේ..
නොදක ඉන්න බැරි හින්දයි නෙතු අද්දර කඳුළු පිරෙන්නේ..
අනන්තයට හිත දිව්වත් ඔබ ළගමයි සිත නවතින්නේ..
උන්මදව ඔබේ නාමය මගේ තොල් ළඟ ඇයි මිමිනෙන්නේ..


වචන කීපයක් කොච්චර ලස්සනට හැගීම් කීපයක්ම එකට එකතු කරලා තියනවද,ගොඩ කාලයකට පස්සේ මේ සිංදුව ඇහෙද්දී මට මතක් උනේ ඔයාව, දන්නෙම නැතුව මගේ ඇස්දෙකට කඳුලුත් පිරුනා..

ඉස්සර අපි මුණගැහුණු බස් නැවතුම්පල පහු කරනකරන හැම වෙලාවකම මගේ ඇස්දෙක හෙව්වේ ඔයාව, දැනන් හිටිය ඔය ඉන්නේ නැ කියලා එත් මං ඔයාව හෙව්වා.. මේ ඇස් ඔයාව කොච්චරනම් හොයල ඇද්ද.. පල්ලියේ මිනිස්සු දහසක් මැද්දේ මං බලන් හිටියේ ඔයාගේ රුව කොතනින් මතු වෙයිද කියලා තාමත් පුරුද්දකට වගේ ඔය හිටිය තැන මං බලනවා එතකොට මට මතක් වෙන්නේ,  " හොරෙන් බලලා ඇස්දෙක රිදෙනවා ඇති නේද? " කියල ඔය අහපු හැට්යි.

දන්නවා වැරදි උනා මගේ අතිනුත් එත් ඒවාට හේතු තිබ්බේ ඔය ගාව කියල හොඳට හිතලා බැලුවොත් ඔයාට තේරෙයි, ඔයාව නැති වෙයි කියන බයට මං කරපු දේවල් වලින් වගේම මගේ හිත හදාගන්න මං කරපු දේවල් වලින්  ඔයාගේ හිත රිදුන කියලා මං දන්නවා , එත් ඔයා ඒ හැමදෙයක්ම නිහඬව දරාගත්තා, මට තේරුනේ මගේ හිත රිදෙන තරම විතරයි, මගේ දේවල් වලින් ඔයාගේ හිත රිදෙන බව මට තේරුනේ නැ.. මට හිතුනේ ඔයාට මං ගැන වගක් වත් නැ කියලයි,මට සමාවෙන්න.



අපිට ගොඩක් දිග සුන්දර අතීතයක් තිබුනේ නැ. එත් ඒ අතීතෙට මං  ගොඩක් අසයි ආදරෙයි.. අපි වෙන්වෙලා හිටිය කලේ වැඩි තමා එත් ඒ  සංක්‍රාන්ති සමය අපිට අපිව තෙරුම්ගන්න උදව් කරා අපේ ආදරය වැඩි වුනා මිසක් අඩු වුනේ නැ, ඔයාට තුරුල්වෙලා ගල්පරයක් උඩ  වාඩි වෙලා ඇත මුහුද දිහා බලන් ඉන්න මගේ තිබුන හීනය අද සැබෑ වෙලා තියෙන්නේ එහින්දයි කියලයි මට හිතෙන්නේ.. තව දවස් කීපයකින් උදා වෙන අපේ මංගල දිනයේදී අපහු හැරිලා බලන්න අපිට කොච්චර ලස්සන අතීතයක් තියනවද නේද? දුක් වින්දා උනත් ඒකාලේ ලස්සනයි අපි අපේ වෙන්න සටන් කළා අපේ හිත් එක්කම මේ  මුළු ලෝකය එක්කම, අපේ ජීවිතයෙන් මං ඉගෙන ගත්තා  අපිට දෙයක් ලැබෙන්නේ එක ලැබෙන්න නියමිත වෙලාවේදී මිසක් අපිට වුවමන වෙලාවේදී නොවන බව. 

Wednesday, November 28, 2012

ඔබට...

ඔබ දෙස බලු දෑසින් ඔහු දෙස කෙසේ බලන්නද?
ඔබ ගැන සිතු සිතකින් ඔහු ගැන කෙසේ සිතන්නද?
ඔබට පෙම් කල හැදින් ඔහුට පෙම්  කෙසේ කරන්නද?
ඔබ මා හැර ගොසින්ය එහෙත් මා කෙසේ ඔබ අමතක කරන්නද?..
පුංචි ඉල්ලීමක් කලාම අහක දාන්නේ කොහොමද , ඒ හින්දම පහුගිය මාස කිහිපයේම වෙනස් දෙයක් ලියන්න උත්සහ කළා එත් ඉතින් අකමැත්තෙන් හරි කියන්න වෙන්නේ ඒ උත්සාහය අසාර්ථක වුනයි කියල තමයි, එත් ඉතින් කරපු ඉල්ලීම අහක දාන්න බැරි නිසාම පුංචිම පුංචි පදවැලක් හැදුව හොඳද දන්නේ නැ. බලලම කියන්නකෝ... :)

                                                  "සමනල තටුවක පහස නොලත්
                                                  මල් කකුලක
සුවඳ නොලත්
                                                  දිය පහරක සිසිල නොදත්
                                                  පුංචි පැන්චියෙක් සිටියෙකිද යත්..."


 

Sunday, November 25, 2012

නොදුටු ඇය...



 නිල්  අහස  පුරා  තරු කැට  අතරින්
මහ  සයුර  සරා  දිය රැළි සමගින්
මුළු පොළව පුරා  කඳූ හෙල් අතරින්
ඔබව සොයා මා නෙතු   පියාබනව
 
දිගු කෙස් කළඹේ මා සතපා
ඔය දිගු බැල්මෙන් හිත හිරිවට්ටා
ඔබේ ලය මඩලේ සැතපී ඉන්නට
තව නැ අවේ ඔයා

හිරිවටුන දෙතොල් මත හැදු තබන්නට
මගේ දඟිලි මත දවටෙන්නට
සවනට කොඳුරා රහස් කියන්නට
ඔබ පමණි මා ලොව නැත්තේ 

දුටුවා දස දහසක් නෙතු මම
ඔබ දැස  පමණි තව දැක නැත්තේ
මගේ පෙම් ලොව කිරුල දරන්නට
කෙදිනකද ඔබ පැමිණෙන්නේ....

Tuesday, January 17, 2012

අහම්බයකට පෙම් බැන්ද මා..!!!

සිතුවිලි නිතරම දොඩමලු වුයේ
ප්‍රේමය නිම යයි මතක් නොවී
නෙතගින් නිතරම කඳුලැලි වැටුනේ
ඔබගේ මතකය සිතට නැගී..

තටු ලද කිරිල්ලියක සේ මා
පියඹා නැටුවා අහස්තලේ
ඔබ ඇයි ඇවිදින් මා සිත ගත්තේ
සිරකරනට මා මේ සිරගේ..

නොදරු මා සිත පෙම් කල තරම
නොහැඟේ ඔබ හට කිසිම දිනේ
ආදරෙයි පැවසු මුවින්මයි ඔබ
අද ආදරේ නැති බව පැවසුවේ..

ඔබ නොදනී මා පෙම් කල තරම
එහෙඉන් ඔබ මා බිඳ දැමුවේ
නෙතු බරවී ඇත මුව ගොළු වී ඇත
අහම්බයකටයි මා පෙම් බැන්දේ..