Tuesday, September 27, 2011

ඔබ මලක් නම්..
ඒ මලේ සුවඳ වෙන්න මට ඉඩ දෙන්න..
ඔබ පුන් සඳක් නම්...
ඒ සඳ ළඟ තනි රකින තරුව වන්න මට ඉඩ දෙන්න..
ඔබ ගඟක් නම්..
ඒ ගඟේ දිය රැලි වන්න මට ඉඩ දෙන්න..
ඔබ පොතක් නම්.. 
ඒ පොතේ පිටු වන්න මට ඉඩ දෙන්න..
ඔබ පවනක් නම්..
ඒ පවනට ආදරය කරන්න මට ඉඩ දෙන්න...

Sunday, September 18, 2011

කඳුලක මුවාවී..සිනහවක වසන් වී..
සුසුමක රැදී ගෙන.. ආදරය පුරෝ ගෙන..
ජීවිතේ හැමදාකම.. නව දවසක් ඒවි..
බිදුණු අතීතය අමතක කර..පිරුණු අනාගතයක් ගොඩනැගීමට..

Monday, September 12, 2011

කවියක් නොවූ පුංචි කඳුලක්.....!

බැඳීම් පපුවට ගන්න විතරයි මං දන්නේ.. ඒවා පපුවෙන් අයින් කරන්නේ කොහොමද කියල මං දන්නේ නැ.. සමහරවිට ඒ නිසා වෙන්න ඇති ඔයාගේ පුංචිම පුංචි දේකුත් මට මහා ලොකුවට දැනෙන්නේ..

Monday, September 5, 2011

ඔබ හා මම...

නුඹ මට දියදෝතකි මහා සයුරේ දිවෙනා.. 
නුඹ මට කුසුමකි නියඟලාවේ පූදිනා..
නුඹ මට පුන් සඳකි ඇත අහසේ තිබෙනා..
නුඹ මට කවියකි කිසිදින මගේ නොවනා..

මා ඔරුවකි සැඩ සුළඟට හසුවූ..
මා තරුවකි හිරුට ලං වෙන්නට බැරිවූ..
මා වැස්සකි කිසිදින කතරට නොවැටු..
මා මලකි ඒ මලෙහි සුවඳ ඔබ නොවූ..

Saturday, September 3, 2011

:(:(:(

අනේ මන්දා මට මොන වෙලාද කියලාහේතුවක් නැතිවත් අඩන්න හිතෙනවා..ඉවරයක් නැතිව කල්පනා කරන්න හිතෙනවා..තේරුමක් නැතව ඔහේ බලන් ඉන්න හිතෙනවා.. වැරදියට හිතන්න එපා මේක කවියක් වත් නිසදැසක් වත් නෙමෙයි.. 

ආර්ථික විද්‍යා ප්‍රේමය..!!


ප්‍රේමය යනු සීමිත සම්පත් තුලින්
අසීමිත වුවමනා ඉටුකර ගැනීමේදී
විකල්ප අවස්ථා අතරින් හොදම විකල්ප අවස්ථාව වූ ඔබ..
තිරසාර සංවර්දනයක් තුලින්
අකණ්ඩ පැවැත්මක් අපේක්ෂා කළද
පරිබෝජනයේ ධන බහිරතා දැක්වූ ඔබ
නැවත ප්‍රතිෂ්ටාපනය කල නොහැකි සම්පතක් බැවින්
පරිබෝජනයේ දී අවස්තික පිරිවැයක් ම විය... 

Friday, September 2, 2011

අහම්බයක් ද ඒ


අහම්බයක් ද ඒ 
ඔබේ දෙනෙත් නෙතු ගැටුන
නෙතු සමඟ දොඩමළුව 
එදා ඔබ පෙම් කෙරු තරම...
අහම්බයක් ද මේ 
ඔබේ දෙනෙත් සමඟ අද
මගේ දෙනෙත් පවසන
එනමුත්
දෙතොල් සඟවන
සමාජයේ ගැරවුම් මැද
අප අපව රවටන
ආදරය මහා මෙරකි... 


ඔබ පුර සඳකි 
මා අහසේ රජ කරන
ඒ සඳ ළඟ සිටින්නට
මේ පුංචි තරුවට අවසරද..
පසළොස්වක පෝය දාට
ඔබ එනතුරු මගේ අහසට
පුංචි තරුව බලං ඉන්නේ
ඔබ පාමුල ළඟ රැදෙන්න
සඳේ ඔබ කෙදිනකවත්
ඒ  තරුවට හිමි නොවුනද
ඔබේ සඳ කිරණක් ඇත 
පුංචි තරුවට සැනහෙන්නට..