Thursday, September 10, 2015

රූකඩයක් වීමි..

රූකඩයක් වීමි..
දුක සතුට නොදැනෙන
නුල රැදෙන අතට
හැඟෙන ලෙසට
එහා මෙහා කරකවන...

Thursday, July 2, 2015

මට ඕන මගේම කෙනෙක්....

මට ඕන මගේම කෙනෙක්...
හිත පුරා  ආදරය කළ  හැකි කෙනෙක්
ආදරෙයි කියලා ලොවටම කිය  හැකි කෙනෙක්
හිතෙන හැම වෙලාවකම කතා කළ  හැකි කෙනෙක්
පැය ගණනක් කතා  කළ  හැකි කෙනෙක්
මගේම කෙනෙක්...
අනාගතය ගැන සිහින දැකිය හැකි කෙනෙක්
වැඩ අධික මොහොතේත් මා  අමතක නොවන කෙනෙක්
මටම කෙනෙක්...
මා  ගැන සොයා බලා  වද  වෙන කෙනෙක්
කතා කරන තුරු ගන්න එපයි නොකියන කෙනෙක්
මට ඕනා මගේම කෙනෙක්...
පොදු තැනකදිත්  අතින් ඇල්ලිය හැකි කෙනෙක්
මේ ඔහුයි කියා පෙන්විය හැකි කෙනෙක්
මගේ වේදනාව තේරුම් ගත හැකි කෙනෙක්
මා  ළගම ඉන්න කෙනෙක් ...
ජීවිතේට මා  වැදගත් කරගත්ත කෙනෙක්
ලැබෙයිද මට එහෙම කෙනෙක්
මගේම කෙනෙක් මටම කෙනෙක්
ලැබෙයිද මට එහෙම කෙනෙක්....

Tuesday, June 2, 2015

සිතුවිළි 2....

දුකින් සිටි යයි දොස් පවරනු එපා...
දුක මිස සතුටක් ජීවිතයේ නොමැති කොට...

.....................................................................................................................


ඔබේ සිනා තිබෙන්නේ
මා ළඟ නොවේ නම්
ඔබේ කඳුල තිබෙන්නේ
මා  ළඟ නොවේ නම්
ආදරයද රැකවරණයද
ලැබෙන්නේ මට නොවේ නම්
තවත් ඔබ සමඟ සිටීමට
එක හේතුවක් පමණක් පවසන්න....



.....................................................................................................................

කියාදෙන්න මට ජීවත් වන්නට
ඔබ නොමැතිව මේ දිවිය පුරා
කියා දෙන්න මට අමතක කරන්නට
මතකයන් ඔබ සමග තිබෙනා ....

...................................................................................................................

සතුටින් සිටින්නේ කෙසේද මම
ඔබ ලෝකය වෙන කෙනෙකු සමග තනන විට...

...................................................................................................................

Thursday, May 14, 2015

සිතුවිලි.. 1

ඔබ ළඟ නැති එක දවසක්
මට රාත්‍රියක් වුනානම්
දිගු නින්දකට වැටි
ඔබ එන දින පමණක්
නැවත පිබිදෙන්නට තිබුනා ...

Thursday, April 9, 2015

මා මියෙනා තුරා....





 ඔබ පළල් උර තලයේ
උණුහුමට ගුලි වෙලා
ඉන්නට ලැබෙනවා නම්
මා මියෙනා තුරා....

ඔබේ පපුවට හිස තියලා
දෑතින් ඔබ බදලා
තුරුලු වෙන්න තියනවනම්
මා  මියෙන තුරා....



ඔබ දරදඬු දෑතේ
මා  දෑත  පටලාලා
පිය නගින්න තියනවනම්
මා  මියෙන තුරා....

ඔබ රැකවරණය තුළ
සෙනෙහස ලබලා
ජීවත් වෙන්න තියනවනම්
මා  මියෙන තුරා....

ඔබ වෙත නෙත් යොමලා
මුළු ලොවට ඇසෙන සේ
කියන්නට තියනවනම් ඔබ මගේ කියා
මා  මියෙන තුරා....