මට ඕන මගේම කෙනෙක්...
හිත පුරා ආදරය කළ හැකි කෙනෙක්
ආදරෙයි කියලා ලොවටම කිය හැකි කෙනෙක්
හිතෙන හැම වෙලාවකම කතා කළ හැකි කෙනෙක්
පැය ගණනක් කතා කළ හැකි කෙනෙක්
මගේම කෙනෙක්...
අනාගතය ගැන සිහින දැකිය හැකි කෙනෙක්
වැඩ අධික මොහොතේත් මා අමතක නොවන කෙනෙක්
මටම කෙනෙක්...
මා ගැන සොයා බලා වද වෙන කෙනෙක්
කතා කරන තුරු ගන්න එපයි නොකියන කෙනෙක්
මට ඕනා මගේම කෙනෙක්...
පොදු තැනකදිත් අතින් ඇල්ලිය හැකි කෙනෙක්
මේ ඔහුයි කියා පෙන්විය හැකි කෙනෙක්
මගේ වේදනාව තේරුම් ගත හැකි කෙනෙක්
මා ළගම ඉන්න කෙනෙක් ...
ජීවිතේට මා වැදගත් කරගත්ත කෙනෙක්
ලැබෙයිද මට එහෙම කෙනෙක්
මගේම කෙනෙක් මටම කෙනෙක්
ලැබෙයිද මට එහෙම කෙනෙක්....
No comments:
Post a Comment