Saturday, October 25, 2014

..ඔබ..

කතරක් වූ මගේ දිවියට
මහා වැසි වී වැටුනේ ඔබයි
පිපාස වූ මගේ දෙතොලට
දිය දෝතක් වුයේ ඔබයි
කඳුලැලි තිබු මගේ දෑසට
හසරැල්ලක් දුන්නේ ඔබයි
ජීවිතයම අමතක වූ දවසක
ජීවත් වන්නට කියා දුන්නේ ඔබයි... !

Wednesday, September 10, 2014

අහස නුඹ අයිති සඳට පමණී ...

අහස නුඹ සඳට පෙම් බදින බව මුළු ලොවම දනී
අහස නුඹ දිවියේ ආලෝකය සඳ පමණක් බව සඳද දනී
අහස නුඹ හා සඳ අතර පැයු තරුවක් හිඳිවී ලොවේ
තරු ගොඩක් අතර පැයු තරුවකි ඈ නුඹ අහසේ

අහස නුඹ සන්දවතිගේ පමණ ක් බව
දැන දැනම තරුව පෙම් බඳිති අද
ඔබ අහස ආලෝකමත් කරන්නට
නොහැකි වුවද යන්තමින් වෙර දරති ඇය

සඳවතිය පෑයු විට ඔබ අහසේ
සැවම පෙම්බදිවී ඔබ දෙපළ වෙතේ
තරුව කිසිවෙකුගේ නෙත නොගටෙනු අතේ
ඇය තරු ගොඩක් අතර පිපු එක තරුවක්ම වේ

සඳක් ඇති අහසට පෙම් කරපු නිසා
කිසිවෙකුටත් දොස් පවරනු එපා
ඉසව්වක කිසිවෙකුටත් නෙත නොගටෙනා
තරුවක් ඉකිබිදිවී හොර රහසිනා

රෑ අහසේ පැයු තරුකාවකි ඇය
ඔබ අසල සිට ඔබට පෙම් බඳිති ඇය
තරුවක් මිස සඳක් විය නොහැකි අද
දුරින් හිඳිවී අමතක නොකරනු  ඇය ...