හිමිකරගන්නට නොහැකි ලෙසින්
සැඟවුනිද ඒ පිපි කුසුම
ඉල්ලා හඬා වැටුනෙමි මම
දැන දැනම නටුවේ කටු මා රිදවන බව..
ලංවෙන්නට නොහැකි දුරින්
ඈත දිවෙනා සයුර දැක
බීමට ඉල්ලුවෙමි දිය දෝතක් මම
දැන දැනම එය ලුණු රසැති බව...
ඉතිං ඔයත් ආවද මාව බලලා යන්න.. එන්න, හැබැයි යන්න නෙමේ.. ළගින් ඉන්න හැමදාකම... මං දන්නවා ඔයා එනවා, මං බලන් ඉන්නවා... ඔයා එනකම්.. හැමදාකම... ඔයා එනවා නේද...???
සඳ පායා ඇති මේ මැදියම් රාත්‍රීයේ
ඔබේ මතකය මා සිත පාරනවා
නෙත් අගිස්සේ කඳුළු බින්දුවක්
මා සමගින් තනි රකිනවා..
කතරට වැටෙනා වැහි බින්දුවක් සේ මා
ඔබ සිත සනසන්නම්
එනමුත් ඔබේ දෑසට නොපෙනෙනා සේ මා
සැගවීගේන ඉන්නම්
මගේ ආදරේ ඔබට කියන්නට
මා කවියක් සාදන්නම්
ඒ කවියේ තනුව වී මම
ඔබ සවනත සැතපෙන්නම්
දොරේ ගලනා ආදරය මා
සඟවාගෙන ඉන්නම්
ඔබ පතන ආදරය ඔබට ලැබෙන්නට
මා පැතුමක් පතන්නම්!