Monday, September 5, 2011

ඔබ හා මම...

නුඹ මට දියදෝතකි මහා සයුරේ දිවෙනා.. 
නුඹ මට කුසුමකි නියඟලාවේ පූදිනා..
නුඹ මට පුන් සඳකි ඇත අහසේ තිබෙනා..
නුඹ මට කවියකි කිසිදින මගේ නොවනා..

මා ඔරුවකි සැඩ සුළඟට හසුවූ..
මා තරුවකි හිරුට ලං වෙන්නට බැරිවූ..
මා වැස්සකි කිසිදින කතරට නොවැටු..
මා මලකි ඒ මලෙහි සුවඳ ඔබ නොවූ..

3 comments:

  1. හ්ම්ම්ම්ම්ම්....ටිකක් විතර අමුතුයි...
    ලබාගන්න ගොඩක් ආසාවෙන් ඉන්න....ඒත්....කවදාවත්ම නොලැබෙන දේවල් කොයිතරම් තියෙනවද නංගෝ!!!...

    ලස්සනයි!!!!!

    ReplyDelete
  2. එත් සමහරක් දේවල් නොලැබෙන බව දැන දැනත් ඒ දේවල් මත්තෙම නෙමිද නැහෙන්න හදන්නේ???

    ReplyDelete
  3. එහෙමත් වෙනවා..ඒත් කාලය ඔය හැම ප්‍රශ්නයක්ම විසඳනවා...

    ReplyDelete