Wednesday, October 5, 2011

නිහඬ කඳුළු!!!

හිත රිදෙන රිදෙන හැම වෙලාවකම 
අඬන්න තියාගත්තේ නැ මම..
අඬන්න ඕන උනත්
 හිනා වෙලා ඉන්න
 මං මාත් එක්කම සටන් කලා..
එත්
 තනි වෙච්ච හැම මොහොතකම 
කඳුළු එලියට පනින්නේ
 මටත් නොදැනීමයි..
ඒ හැම වෙලාවකම 
මට දැනෙනවා
 මං මටම පැරදුන කියල..

3 comments:

  1. සැහෙන දවසකට පස්සේ comment 1k දාන්න ආවේ. එත් තුන් හතර පාරක්ම මේක කියවන්න හිතුනා. කදුළු කියන්නේ හිත හදන බෙහෙතක් වගේ. ඒ කදුළු හිරකරන්න එපා. කදුළු වලට ඉඩ දෙන්න. එත් මේක මතක තියාගන්න. පුංචි තරුව කවදාවත් තනි වෙලා නෑ. තරු ගොන්නක් අතරේ තනිවෙලා වගේ දැනුනත් ඔය පුංචි තරුව දකින, ඔය එලිය ලබන මිනිස්සු අතරේ ඒ තරුව තනි නෑ. කවරුම හරි ඉන්නවා.

    ReplyDelete
  2. "තරු ගොන්නක් අතරේ තනිවෙලා වගේ දැනුනත්"එක තමයි සබැ අරුත..එත් කාලෙකට පස්සේ ටිකක් පරාර්තකමීව හිතන්න පුංචි තරුව පුරුදු උනා. කොච්චර හිත රිදුනත් එතන නෙමෙයි හැබෑ ජීවිතේ කියල දැන් පුංචි තරුව දන්නවා... හිත කියනදේ අහන්නෙත් නැත්නම් හිත උනත් රවට්ට ගන්න ඕන කියලත් හිතන්න තරම් පුංචි තරුව පරිණත වෙලාද කොහෙද..

    ReplyDelete
  3. පුංචි තරුව "පැහිච්ච ආච්චියෙක් වෙලාද?"...ඒක හොදයි...හිත හරි පුදුම දෙයක්නේ...එකට අවනත වෙන්න ඕනේ වෙලාවලුත් තියෙනවා...එත් කියන දේ අහන්නෙම නැත්නම් රවට්ටලා බැරිනම් ගහල හරි හදන්න ඕනේ වෙලාවලුත් තියෙනවා...

    ReplyDelete