Saturday, November 5, 2011

මගේ ආදරේ...

අකීකරු ඔය දස
මනමාලකම් කරයි හැමදාම
මුවින් නොතෙපුලු වදන්
නෙතින්  වැගිරේ පෙර සේම..

මුදු හාදු වැස්සකින් ඔය මුවඟ සතපන්න
දැඟිලි පටලාගෙන කිරි සයුරේ ඇවිදින්න
මතකද තිබුන ආදර හීනයක්
අපි අපිට සතු වන්න..

ඔබේ ඒ පෙම් වදන්
ආදර සිත කළබද්දී
දෛවයේ සරදමකින්
කිමද අප වෙන්වූයේ..

ආදරේ මහා ගොඩක්
හිත ඇතුලේ සඟවාගෙන
ඉතින් ඉමු පෙර සේම
නොහදුනන ලෙස අපි අපිව...

3 comments:

  1. ලස්සනයි..සංවේදියි...මම පොඩි ප්‍රශ්නයක් අහන්නද...ඇයි තවත් දුකට ඉඩ දීලා හිතේ හිරකරන් බලන් ඉන්නේ...ඔයාට ඔහොම වෙන එක අසාදාරණයි...

    ReplyDelete
  2. මං මේක සින්දුවක් විදියට ලිව්වේ එත් කොච්චර දුරට සාර්ථකද දන්නේ නැ... ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් විදියට කියන්නේ,
    දුක හිරකරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ මට..
    බලාගෙන ඉන්නවා ඇරෙන්න ලබාගන්න දෙයක් නැ මට..
    තනි වෙනවා ඇරෙන්න තවත් තනිකමක් නැ මට..
    ජීවත් වෙනවා ඇරෙන්න ජීවත් වෙන්න උවමනාවක් නැ මට..

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්...සින්දුවක් විදිහට නරකම නෑ...හොඳයි...එත් උත්තරෙන් ලැබුනේ තවත් ප්‍රශ්නයක්ම විතරයි...එක අහන්නේ නැතුව ඉන්න එක හොදයි කියල මට හිතෙනවා...කදුළු පිහිදල හිනාව ගෙන්න ගිහින් කදුළු වැඩිවුනොත් කියල මට බයයි.....:)

    ReplyDelete