පාර දිගටම සුදු කොඩි දාලා.. හැමෝම අඬනවා.. වැලපෙනවා.. විලාප දෙනවා.. මෘත ශරීරය බලන්න ගිය හැමෝම ඇස වල කඳුළු පුරෝගෙන එලියට එනවා..තරුණ තරුණියන්ගෙන් මුළු මළගෙදර වත්තම පිරිලා.. හොමෝම දුක් වෙන්ව.. "හොඳට තිබ්බ ජීවිතයක් නිකන් අපරාදේ නැති උනානේ.." කෙනෙක් එහෙම කියනවා ඇහුනා.. අම්මා විලාප දෙනවා විටෙන් විටෙ සිහිය නැතිව අදගෙනත් වැටුන.. තාත්තා ඇස් වල කඳුළු පුරෝගෙන පැත්තකට වෙලා ඉඳගෙන ඉන්නවා.. අයියා කාමරෙන් එලියට අවෙත් නැ.. නංගිව මළගෙදර පැත්තටවත් ගෙනාවේ නැ..හැමෝම අඬනවා.. මම ඇතුලට ගියා, මෘත ශරීරය සාලයේ කොනක තියල තිබ්බ, හැමෝම ඇවිත් ගියාට මං බලන් හිටියේ ඔයා එනකම්.. දවසින් දවස ගෙවිල තුන් දවස ඉවර වෙද්දී මං හිතුව ඔයා අද නැත්නම් හෙට එයි කියල.. එත් ඔයා අවේ නැ.. හැබැයි ඔයාගේ තාත්තා අව, එයත් ඇස්වල කඳුළු පුරවන් ඉන්නවා මං දැක්ක..
මං දැනන් හිටියා ඔයා එන්නේ නැ කියල.. එත් මං ඇස් දෙක රිදෙනකම් බලන් හිටියා ඔයා එයි කියල.. මගේ ලඟට ඇවිත් අඬයි කියල.. ඔයා අවේ නැ.. තරහයි මට!!! දුකයි මට!!! මං ආදරේ කලේ මගේ මළගමටවත් එන්න බැරි මිනිහෙක්ටද??? මගේ පළමු ආදරේට එච්චර අසාදාරනයක් උනේ කොහොමද??
මං කඳුළු බිබී වේදනා විඳ විඳ පැතුවේ එහෙම කෙනෙක්වද? අඩුම තරමේ මගේ මළගමටවත් ඇවිත් අඩන්නවත් බැරි කෙනෙක්, එහෙම උනේ කොහොමද?? නැ.. නැ.. කොතන හරි වැරදිලා! මං මරුනේ ඔයා නිසා නෙමෙයිද එහෙම එකේ මගේ මළගමටවත් එන එක ඔයාගේ යුතුකම. කමක් නැ.. හැමදාම මං පැතුවේ ඔයා හොදින් ඉන්න කියල, ඔයා කොහේ ඉදන් මොනවා කරත් මගේ අශ්රිවදේ ඔයා එක්කමයි! ආදරෙයි මහා ගොඩක් ඔයා නොහිතන තරමට!! <3

This comment has been removed by the author.
ReplyDeleteටිකක් upset හීනයක්නේ දැකල තියෙන්නේ..ඒත් හොඳට ලියල තියෙනවා...ඇත්තම කියන්න...මේක දැකල බයවෙලා කෑගහගෙන ඇහැරුනා නේද..
ReplyDelete